Locked Memories

Enter the code to unlock the message

That's not the right code...

My Dearest...

:) සුදූ... එක දවසකින් ඇති උන ආදරේ මට මෙච්චර දැනුනෙ කොහොමද කියල මන් අදටත් දන්නෙ නැ. එකම එක දවසක ඒ පන්තියෙදි නිල් ගවුම ඇදන් හිටපු ඔයා ගැන ඒ දැනුන ආදරේට දැන් අවුරුදු 4 කටත් වැඩී. ඔයා මගේ මුල්ම ආදරේ නොවුනට මට දැනුන එකම ආදරේ ඔයා. ඔයා කැමති කිව්ව දවසෙ තිබ්බ සතුට මට කියා ගන්න බැ. ඔයා එදා කැමති කියල ලියල එවපු පොතේ කොලේ තාවටත් මන් ගාව තියෙනව. එදා ඔයා මට බොරු කරපු දවසෙ මන් කොච්චර ඇඩුවද කියල දන්නෙ මන් විතරයි. එදා නවිරු msg එකක් දාල කියද්දි, ඔයා උට කියල තිබ්බ සේරම බොරු මන් පිලි අරන් උට ඇත්ත කිව්වෙ නැත්තෙ මන් බය උනා ඊට පස්සෙ ඔයා මොකක් හරි කර ගනී කියල. එදා මන් තනියම විදෙව්ව. මතක් නොවුන දවසක් නෑ. හැම දාම ඇහැට කදුලක් හරි ආව ඔයාව මතක් වෙලා. ඔයාට හිතෙනව ඇති මේව බොරු කියල. කමක් නැ ඔයා එහෙම හිතන්න. එහෙම මාස 6 ක් විතර ගියාට පස්සෙ ලොකු අවුලක් ගියෙ නැ සුදු. සමහරක් දවස් වලට ඉතින් මියුරන්දි ඔයයි නවිරුයි ගැන කියද්දිනම් දුක හිතුන. මන් මේ ගොඩක් කතා ඔයාට කලින් කියල ඇත්තෙ. මන් මේව මෙහෙම type කරාට ඔයාට එවයිද නැද්ද දන්නෙ නැ. ඉවසන්න බැරිම උනොත් සමහර විට ඔයාට මේක මන් එවයි. මන් මේව මෙහෙම type කරන්නෙ සේරම ඔලුවෙ තියාගෙන කල්පනා කරනවට වඩා type කරන ගමන් කල්පනා කරද්දි හිතට පොඩි සැහැල්ලුවක් දැනෙනව. ඉතින් එහෙම කාලෙ යද්දි OL වලට කලින් දවසෙ ඔයා දාපු msg එකෙන් මගෙ මුළු ජීවිතේම වෙනස් උනා. එදානම් මට මාර සතුටක් දැනුනෙ. එහෙම ඉතින් අපි msg කරන් යද්දි ඔයා ඔයාගෙ කතාව කියද්දි මට හිතුන එකම දේ මන් මලත් ඔයාව නවිරුගෙන් බේර ගන්නව කියල. ඔයා දුක් විදින නිසයි එදා මන් ඔයාට උදව් කරේ සුදූ. නැත්තන් මන් කවදාවත් කොල්ලෙක්ට කෙල්ලෙක් නිසා කැරි වැඩක් කරන්නෙ නෑ. එදා ඔයාට උදව් කරේ ඔයාගෙ සතුට ගැන හිතල සුදූ. ඒ දවස් වල ඔයාට ඕන කිව්වෙ ඔයාව stress කරන්නෙ නැති අනාගතේ ප්‍රශ්නයක් නැතුව සතුටින් ඉන්න පුළුවන් ආදරයක්. ඔයා ඒ හැමදේම මගෙන් පේනව කිව්ව සුදූ. ඊට පස්සෙ අපි දෙන්න ආයෙ කොහොමහරි යාලු උනා. එදා ඉතින් මට තිබ්බ සතුට, මොන ප්‍රශ්නෙ ආවත් ඔයාට කරදරයක් වෙන්න නොදී බලාගෙන ඔයාව කවදාවත් අත අරින්නෙ නැ කියල හිතාගෙන මන් ඔයා එක්ක යාලු උනා සුදූ. එහෙම ටික දවසක් යද්දි ඔයා අර video එකේ කතාව කිව්ව. එදා මන් පන පිටින් මැරුණ වගේ මට තේරුනෙ සුදූ. මට මැවි මැවි පෙවුන ඒ video එක. කොල්ලෙක්ට ඒක මාර වේදනාවක් සුදූ. ඔයාට ඒක තේරෙන්නෙ නැතුව ඇති. කොහොමහරි සුදූ ඔයාට මතකද මන් ඒ උනත් කමක් නෑ කියල ඔයා එක්ක යාලු උනා. මතකද සුදූ මන් කිව්ව උ ඒ video එක leak කරොත් වෙන රටකට ගිහින් හරි අපි දෙන්න ඉමු කියල මන් ඔයාගෙ හිත හැදුව. ඒවා කිසිම දෙයක් බොරුවට කියපුව නෙමේ සුදූ. මන් ඇත්තටමයි ඒවා කිව්වෙ. කොහොමහරි අපි ඔහොම සතුටින් ඉද්දි ඔයාට චමෝත්ව ඕන උනා. ඒ කාලෙ සුදූ මන් ඔයාට මාර විදිහට ආදරේ පෙන්නුව කොටින්ම කිව්වොත් phone එකේ pakage එක පවා දාල දුන්න. කිසිම වැරද්දක් මන් අතින් වෙලා තිබ්බේ නෑ. කොහොමහරි ඔයා අපි දෙන්නම එක්ක මාස 2 ක් වගේ යාලු වෙලා හිටියනෙ. එදා ඒක දැන ගත්ත දවසෙ මන් town එකේ උඩ තට්ටුවෙ බිම ඉදගෙන පැය ගානක් ඇඩුව සුදූ, තිබ්බ දුකට ඇවිද ගන්නවත් බැරුව හිටියෙ. ඒක අහු උනාට පස්සෙ මායි චමෝතුයි කතා කාරට පස්සෙ ඔයා කියල තියෙන බොරු, ඔයා චමොත් එක්ක කරපුව හැමදෙයක්ම මන් දැන ගත්ත. එදා මන් ඔයා මාත් එක්ක කරපුවත් කිව්ව. මොකද කලින් නවිරු ඔහොම msg දාල කියද්දි මන් සද්ද නැතුව හිටියනෙ, මේ පාර හිටියෙ නෑ ඉතින්. අනික ඔයා මට මුලින් හම්බෙලා කොල්ලෙක් ඉන්නව කිව්වනම් එහෙම නොවෙන්නත් තිබ්බ සුදූ. ඒ ප්‍රශ්නෙදිත් ඔයා තවටත් දන්නෙ නැ මන් ඔයාව පරිස්සන් කරා කියල. මෙච්චර කල් නොකිය හිටියෙ මාත් එක්ක හිටපු නිසා. දැන් ඔයාට නවත්තන්න ඕන නිසා මට ඒවා ඔයාට කියන්න ඕන. Type කරලනම් කියන්න බැ සුදූ ඒව. කොහොමහරි සුදූ මන් ඔයාව ආයෙ බාර ගත්තෙ ආයෙ එහෙම වැරදි නොකරයි කියල පොඩි හරි විශ්වාසයක් තිබ්බ. නවිරු එක්කත් msg කරා මන් එදා, එදා දැන ගත්ත මන් ඔයාගෙ පතිවතක් කියල එකක් නැ කියල. මොකද උ ලේ පිහපු රෙදි කෑල්ල පවා මට එව්ව. අනේ සුදූ මන් ජිවත් උනාට ඒ දවස් වල මන් ඇතුලෙන් මැරිල හිටියෙ, හිතල හිතල ඔයාට මන් ආයෙ පාරක් සමාව දුන්නෙ ඔයා චමොත් එක්කත් එක එක ඒව කරල තියෙද්දිමයි. සමහරක් දේවල් සුදූ මන් මේ වෙනකන් ඔයාගෙන් අහලවත් නෑ ඔයාට ආයෙ ඒව මතක් කරන්න ඔන නැති නිසා. අඩුම ඔයාට ඔයාගෙ ප්‍රශ්න කියන්න මන් හරි හිටිය සුදූ, ඒත් මට? ඔයාට ආදරේ දැනෙන්නෙ නෑ කිය කිය සම්බන්දෙ නවත්තන්න හදද්දි මට කොච්චර වේදනාවක් දනෙයිද කියල ඔයා නිකමටවත් හිතුවද සුදූ. අර video එක අරු කොහෙ හරි දැම්මොත් වෙන රටකට ගිහින් හරි ඉමු කියද්දි ඔයාට හිතුනෙ නැද්ද සුදූ මූ කොච්චර මට ආදරේද කියල? ඔයා මට කොච්චර දුක් දුන්නත් ඔයාට හැමතිස්සෙම සාමාව දෙද්දි ඔයාට හිතුනෙ නැද්ද සුදූ මු කොච්චර මට ආදරේද කියල? සමහර විට ඒක මගෙ පොන්නකම වෙන්න ඇති සුදූ. පොන්නකම උනත් මට ඕන උනේ ඔයාව පරිස්සන් කරන්න. මන් ඔයාට ආදරේ තරන් ඔයාට වෙන කව්රුත් ආදරේ නෑ සුදූ. ඔයාට කවදාවත් මන් තරන් ඔයාට ආදරේ කොල්ලෙක් හම්බෙන්නෙ නෑ සුදූ. ඔයාට දැන් කතාව අමතක උනාට මට අකුරක් නෑර මතකයි සුදූ. චමෝත්ගේ ප්‍රශ්නෙන් පස්සෙ ඔයාට මන් සිංහලෙන් කිව්ව සුදූ, නවත්තන්න බලන්නම් යාලු වෙන්න එපා මන් අමාරුවෙන් හිත හදා ගන්නෙ, ආයෙ ප්‍රශ්නයක් ආවොත් මට ඉවසන්න බැරි වෙයි කියල. එදා ආයෙ එහෙම වෙන්නෙ නෑ කියපු එක්කෙනා දැන්? සුදූ දැන් වෙලාව පාන්දර 5.26 යි. ඔයා හොදට නිදි ඇති. මන් අහන්නෙ ඇයි සුදූ ඔයා මට මෙහෙම කරන්නෙ. මන් දන්න තරමින් මන් ඔයාට වැරද්දක් කරල නෑ සුදූ. එක පාර සිම් එක අයින් කරේ මොන හිතකින්ද සුදූ, ඔයා හිතනවද එහෙම කරල මට ඔයාව අමතක වෙයි කියල. අන්තිම පාරට එකපාරක් හම්බෙලා යන්න කිව්ව, ඔයාට ඒකවත් කරන්න බැරි උනා නේද සුදූ. AL වලට වැඩ කරන්න ගත්ත විතරයි සුදූ. මට අනිවාරෙන් මේ මාස ගානෙ වැඩ කරල පාස් වෙන්න තිබ්බ සුදූ. මට පුළුවන් කම තිබ්බ නිසයි මන් හරි කාලේදි වැඩ කරන්න පටන් ගත්තෙ සුදූ. ඔයා මට හැමදේම නැති කරල මේ යන්නෙ සුදූ. තව අවුරුදු ගානක් ගියත් මට ඔයාව අමතක කර ගන්න බැ කියල මන් හොදටම දන්නව. මන් හරි ආසාවෙන් හිටියෙ සුදූ මොකක් හරි bike එකක් ගත්තහම ඔයා එක්ක කොහෙ හරි ගිහින් හවසක ඔයා එක්ක ඉන්න, ගිය අවුරුද්දෙ ඉදන් හිතන් හිටියෙ මේ අවුරුද්දෙනම් ඔයා එක්ක වෙසක් එකට දන්සල් කන්න යනව කියල. ඔයා එක්ක ලස්සන ජිවිතයක් මන් මවාගෙන හිටියෙ සුදූ වෙන රටකට ගිහින්, ඔයා ඒ හැම බලාපොරොත්තුවක්ම නැති කරා සුදූ. ඔයාගෙ අතීතෙ දන්න වෙන කිසිම කොල්ලෙක් එකක් යාලු වෙන්න එපා සුදූ, මන් හිටියට අනිත් හැම එකාම ලං වෙන්නෙ උන්ගෙ වැඩේ කර ගන්නකන් විතරයි සුදූ. ඔයා හොයා ගන්න ඕන ප්‍රශ්නයක් උනහම ඔයාට බැනල හරි ඔයාව තනි නොකරන ආදරයක්. මන් තරන් ඔයාට ආදරේ කරන කොල්ලෙක් ඔයාට ආයෙ කවදාවත් හම්බෙන්නෙ නෑ සුදූ. ඔයා අද මගෙ හිත රිද්දල මට බැනල සිම් මාරු කරාට ඔයාට මාව නැතුවම බැරි කාලයක් තිබ්බ සුදූ. මට හරි දුකයි සුදූ.ඔයාට අඩුම එක පාරක් මාව හම්බෙලා නවත්තන්න තිබ්බ. මන් දන්නව ඔයා දැන් අම්මට එහෙම මන් ගැන බොරු ගොඩක් කියල ඇති. කමක් නෑ සුදූ මට මෙහෙම කරල මදි ඔයා. පොඩි හරි ආදරයක් තියේනම් අලුත් නම්බර් එකෙන් මට msg එකක් දාන්න. අඩුම එක පාරක් හම්බෙලා මේක ඉවරයක් කර ගන්න. නැත්තන් මන් මැරි මැරි ජීවත් වෙන්නෙ. මට පුළුවන් සුදූ ඔයාලගෙ ගෙදර ඇවිත් ඔයාලගෙ ගෙදර අය ඉස්සරහ එයාල දැන ගන්න ඕන ටික කියල ඔයාව බලා ගන්න ඕන විදිහ එයාලට කියල දීල එන්න. මන් එහෙම නොකර ඉන්නෙ ඔයාට ඒක ප්‍රශ්නයක් වෙන නිසා. පුළුවන්නම් මාව එකපාරක් හම්බෙලා මේක ඉවර කර ගන්න එන්න සුදූ. කලින් කියපුවගෙ වෙනසක් නෑ සුදූ. මට ඔයාව බලෙන් තියාගෙන වැඩක් නෑ. එක පාරක් හම්බෙලා මේක ලස්සනට ඉවරයක් කර ගන්නයි ඕන සුදූ මට. මන් තවටත් ඔයා වෙනුවෙන් බලන් ඉන්නව, සමාවෙන්න සුදූ කියල msg එකක් දායි කියල. තවටත් උදේ නැගිටිද්දි ඔයාගෙ gummonin suduuw කියන msg එක ඇවිල්ලද කියල මන් බලනව සුදූ. ඔයා ආයෙ තව කොල්ලෙක් එක්ක යාලු වෙලා ඇති කියල මන් හිතනව, කලින් එක්කෙනාම වෙන්නත් ඇති, මන් හොයන්න ගියෙත් නෑ සුදූ, affair එක නැවතුන ගමන් තවත් affair එකකට යන ඔයා ආදරේ ගැන තාම දන්නෙ නෑ සුදූ. ඔයාගෙ නම තවත් අවුල් කර ගන්න එපා සුදූ. අම්මයි අප්පච්චි ගැන හිතල හරි දේවල් විතරක් කරන්න සුදූ. කව්රුහරි ආදරේ පොඩ්ඩක් පෙන්නුවහම ඒවට රැවටෙන්න එපා සුදූ. ඔයා මට කොහොම රිද්දුවත් මන් ඔයාට ආදරෙයි සුදූ. ඔයාට වයිර කරන්න බෑ මට කවදාවත්. කාලය වෙනස් උනාට සමහරක් මනුස්සයො වෙනස් වෙලා නෑ සුදූ. නවිරුගෙ ප්‍රශ්නෙ ඉවරයි කියල හිතන්න එපා ඒක නිසා. කොහොමහරි කමක් නෑ මගෙ ආදරේ ලබන්න ඔයා පින් කරල තියෙනව සුදූ ඒත් ඔයාගෙ ආදරේ ලබන්න මන් පින් කරල නෑ සුදූ. ඒ වැරද්දත් මගෙම තමා. මේ ආත්මෙදි ගොඩක් පින් කරන්නම් මන්. එතකොට ලබන ආත්මෙදි අපි හම්බුනොත් එදාටවත් ඔයා මට ආදරේ කරයිනෙ. ඔයාට ආයෙ මාව ඕන කියල හිතුනොත් ආයෙ එන්න. මාත් එක්ක හිටපු කාලෙ ඔයාගෙ හිත රිදුන දේවල් වලට මට සමාවෙන්න. ඔයා මාත් එක්ක හිටපු ටික කාලෙ හරි ඒ කාලෙ ගොඩක් සතුටින් හිටිය මම. දැන් මට ඔයාගෙ උරහිස උඩ ඔලුව තියන් අඩන්න තිබ්බනම් ඒක මට ලොකු මානසික නිදහසක් සුදූ. එක පාරක් ඔයාගෙ බෙල්ල ඉබින්න තිබ්බනම්. එකම එක පාරක් ඔයාගෙ ඇස් දෙක දකින්න තිබ්බනම්. මන් ඔයාව හම්බුනාම හැම තත්පරේම සතුටින් හිටියෙ සුදූ. ඔයාට මතකද මොන ප්‍රශ්නෙ තිබ්බත් ඔයාව හම්බෙන්න එන හැම වෙලාවෙම මගෙ මූනෙ හිනාවක් තිබ්බ, ඔයාව දකිද්දි මගෙ හැම ප්‍රශ්නයක්ම මට අමතක වෙනව සුදූ. ඔයාගෙ මූන දැනුත් මට මැවි මැවී පේනව සුදූ. නොකිව්වට ඔයා හෙන ලස්සනයි සුදූ මට, ඔයා කොහොම හිටියත් මන් හැම පැත්තෙන්ම ඔයාගෙ ලස්සන විතරයි දැක්කෙ. ලග ඉද්දි ඔයාට නොකිව්වට මන් තනියම හිතල සතුටු වෙනව මගේනෙ ඉතින් කියල. අපේ හැම පරණ photo එකක්ම මන් ගාව තියෙනව. ඔයාගෙ කලින් phone එක අයින් කරන්න කලින් තිබ්බ photo ටිකත් තියෙනව. ඒ ටික ඕනනම් මට කියන්න සුදූ. මන් දන්නෙ නෑ ඔයාට එකපාරට මොකක් උනාද කියල. කව්රුහරි ඔයාව වෙනස් කරා කියල මන් දන්නව. එහෙමනම් ඔයා රැවටිලා ඉන්නෙ. තාවකාලික සතුට වෙනුවෙන් සදාකාලික සතුට නැති කර ගන්න එපා. මට ඔයා ගැන බයයි ඇත්තම කිව්වොත් සුදූ. මගෙ හිතේ තියෙන ඒව type කරොත් මට හැමදාම type කර කර තමා ඉන්න වෙන්නෙ. එක පාරක් අලුත් number එකෙන් msg එකක් දාල එකම එක දවසක් මාව හම්බෙන්න සුදූ. මන් ඔයාට ගොඩාරියක් ආදරෙයි සුදූ. Ummmmmmmmmmmmaaahhh Gunnite suduuw හිත රිදුන මොන හරි type වෙලා තිබ්බොත් මට සමාවෙන්න සුදූ. පුලුවන්නම් මාව එකපාරක් හම්බෙලා යන්න. හම්බෙන්නම බැරි උනොත් සමහරවිට මන් ඔයාලගෙ ගෙදරට ඇවිත් කතා කරයි. එහෙම ආවත් ඔයා බය වෙන්න එපා සුදූ. මන් කියන්නෙ එයාල දැන ගන්න ඕන දේවල් විතරයි. පරිස්සමට ඉන්න සුදූ. මන් ඔයාට ආදරෙයි. :)
📥 Download this Letter

FOREVER & ALWAYS